කර්මන්ත අංශය


අම්බලන්ගොඩ නගර සභාවේ කර්මාන්ත අංශය මගින් නගරයේ වෙසෙන නාගරීක ජනතාව වෙත ඉටු කරන කාර්යයන් බොහෝමයකි. එම ප්‍රධාන පරමාර්ථයන් හා කාර්යයන් වනුයේ,

  • මහාමාර්ග,අඩි පාරවල්, පදිකවේදිකා, පටුමාවත්,පාලම්,ආදිය ඉදිකිරීම හා නඩත්තු කිරීම.
  • ගොඩනැගිලි ඉදිකිරීම්, මහජන කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීම.
  • නිවාස යෝජනා ක්‍රම සැලසුම් කිරීම හා ඉදිකිරීම.
  • නාගරික නිවාස නඩත්තු කිරීම.
  • වානිජ හා කාර්මික නේවාසික ස්වරූපයේ ඉදිකිරීම් පාලනය කිරීම.
  • පොදු උද්‍යාන, ක්‍රීඩාභූමි ඉදිකිරීම හා නඩත්තු කිරීම.
  • මාර්ග, ක්‍රීඩාභූමි ආදිය දියුණු කිරීම සඳහා ඉඩම් අත්කර ගැනීම සහ නාගරික ඉදම්වල ගොඩනැගිලි ඉදිකිරීම හා නඩත්තු කිරීම.
  • නගර වැඩිදියුණු කිරීමේ යෝජනා ක්‍රමය හා නඩත්තු කිරීමේ කාර්යයන් අයත් නාගරික සැලසුම් හා සංවර්ධන කටයුතුවලට අදාල සියලුම කාර්යයන් කිරීම, මෙහෙයවීම, ඒකාබද්ධ කිරීම හා සමාලෝචනය කිරීම.

අම්බලන්ගොඩ නගර සභාවේ කර්මාන්ත අංශය මගින් නගරයේ වෙසෙන නාගරීක ජනතාව වෙත ඉටු කරන කාර්යයන් බොහෝමයකි. එම ප්‍රධාන පරමාර්ථයන් හා කාර්යයන් වනුයේ,

වීථිරේඛා සහතිකය

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද වීථිරේඛා සහතික අයදුම්පත
  • බිම් කට්ටි සැලැස්මේ පිටපත් 02
  • ආදායම් අංශයේ නිර්දේශය (අදාල දේපළට පවත්නා වර්ෂය සඳහා සම්පූර්ණයෙන් වරිපනම් බදු ගෙවා අවසන් විය යුතුය.)

අනුබෙදුම් බලපත්‍රයක් ලබා ගැනීම

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද අනුබෙදුම් සහතික අයදුම්පත
  • අනුමත කරන ලද මුල් බිම් කට්ටියේ සැලැස්මේ පිටපත් 01
  • අනුමත කිරීමට ඉල්ලුම් කරන බිම් කට්ටියේ මුල් සැලසුම 02 ක් හා එහි පිටපත් 02
  • හිමිකම් ඔප්පු පිටපත් 01
  • ආදායම් අංශයේ නිර්දේශය (අදාල දේපළට පවත්නා වර්ෂය සඳහා සම්පූර්ණයෙන් වරිපනම් බදු ගෙවා අවසන් විය යුතුය.)

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද ගොඩනැගිලි අයදුම්පත
  • අනුමත බිම් කට්ටි සැලැස්මේ පිතපත් 01
  • ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 03
  • ආදායම් අංශයේ නිර්දේශය (අදාල දේපළට පවත්නා වර්ෂය සඳහා සම්පූර්ණයෙන් වරිපනම් බදු ගෙවා අවසන් විය යුතුය.)

අනුකූලතා සහතික නිකුත් කිරීම

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද වීථිරේඛා සහතික අයදුම්පත
  • බිම් කට්ටි සැලැස්මේ පිටපත් 02
  • ආදායම් අංශයේ නිර්දේශය (අදාල දේපළට පවත්නා වර්ෂය සඳහා සම්පූර්ණයෙන් වරිපනම් බදු ගෙවා අවසන් විය යුතුය.)

අනතුරුදායක ගස් ඉවත් කිරීම

  • නිසිලෙස සම්පූර්ණ කරන ලද අනතුරුදායක ගස් ඉවත් කිරීමේ අයදුම්පත
  • ඉහත අයදුම්පතට අදාලව සත්‍යතාවය පැහැදිලි කිරීමේ ග්‍රාමසෙවා සහතිකය

මෘත දේහය ආදාහනය කිරීම

  • නිසිලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත
  • දේහය ආදාහනය කිරීමට අවසර දුන් මියගිය අයගේ මරණ පරීකෂණ සහතිකය

වීථි පහන් නඩත්තු හා අලුත්වැඩියා

  • වීථි පහන් දෛනික නඩත්තු ලේඛණයේ සටහන් කිරීම
  • වීථි පහන් දල්වන්නා දැනුවත් කිරීම

ඉහත සඳහන් සහතික, අනුමැතීන් හා බලපත්‍ර නිකුත් කිරීමේදී සියළුම ලේඛණ නිවැරදි හා නීත්‍යානුකූල වන්නේ නම් පුරවැසි ප්‍රඥප්තියේ සඳහන් කාලසීමාවන් තුළදී අදාල ලේඛණය ඔබ වෙත නිකුහ් කරනු ලැබේ.

අම්බලන්ගොඩ නගර සභා පුරවැසි ප්‍රඥප්තිය

අම්බලන්ගොඩ නගර සභාවේ කර්මාන්ත අංශය විසින් පහත සඳහන් කරනු ලබන විශේෂිත වූ සේවාවන්ද ඉටුකරනු ලබ‍යි.

  • නගර සභාව සතු සියලුම වාහන හා යන්ත්‍රසූත්‍ර අලුත්වැඩියාව සඳහා යාන්ත්‍රික වැඩ ඒකකයක් පවත්වාගෙන යාම
  • වාහනවල දෛනිකව සිදුකිරීමට අවශ්‍ය පෑස්සුම් කටයුතු ඉටු කිරීම සඳහා පෑස්සුම් ඒකකයක් පවත්වාගෙන යාම
  • නගර සභාව සතු සියලු වාහනවල කල් පැවැත්ම සඳහා වන සේවාවන් ඉටු කිරීම සඳහා නඩත්තු ඒකකයක් පවත්වාගෙන යාම

පුරවැසි දනගේ සේවා ඉටු කොට විශිෂ්ඨ නගරය කරලමු මිහිපිට.

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජික හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීම.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිතුමාගේ පණිවිඩය


නවීන තාක්ෂණය සමගින් ආසියාවේ ඓශ්චර්යමත් දේශයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේදී අම්බලන්ගොඩ නගර සභාව නිළ වෙබ් අඩවියකට පිවිසීම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස මා ලද භාග්‍යයක් කොට සළකමි. තවද එය මාගේ සේවා කාලය තුළ සිදුවන අමතක නොවන සන්ධිස්ථානයක් බවද සනිටුහන් කරනුයේ ඉතාමත් සතුටිනි.

තොරතුරු තාක්ෂණයේ අග්‍ර ඵලයක් වන වෙබ් අඩවියක් හරහා අම්බලන්ගොඩ නගර සභාවේ සමස්ථ යාන්ත්‍රණය විද්‍යුත් පිටු අතරින් නගර වැසි ඔබගේ දෙනෙතට රැගෙන එන මෙම අවස්ථාව නගර සභාවට ඉතා වැදගත් අවස්ථාවකි. මහජන සේවා සපයන ආයතනයක් ලෙස අම්බලන්ගොඩ නගර සභාවේ සේවාවන් තවත් පුළුල්ව ජනතාවට සමීප කරලීම මෙහි පරමාර්ථයයි. සාම්ප්‍රදායික පුස්තකාල සංකල්පයෙන් බැහැරව අභිනවයෙන් ඉදිකරන ලද විද්‍යුත් පුස්තකාල පියසක් තුළ විවෘතවන අම්බලන්ගොඩ නගර සභා වෙබ් අඩවිය එම පරමාර්ථ සඵල කිරීමට සුදුසු පරිසරය උදා කරනු ඇත.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කරමින් පරිගණක තිරය මතට රැගෙන ඒමට නිරන්තර සහයෝගය ලබා දුන් නගර සභාවේ උප සභාපතිතුමා අතුළු නගර සභා මන්ත්‍රී මණ්ඩලයට හා නගර සභාවේ ලේකම්තුමා, තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අංශ‍යේ නිලධාරිණී එස්. රේණුකා නිලාන්ති සිල්වා මහත්මිය හා කාර්ය මණ්ඩලයටත් මාගේ ප්‍රනාමය පුද කරමි.


සභාපති,

අම්බලන්ගොඩ නගර සභාව.

ලේකම්තුමියගේ පණිවිඩය

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීමේ මෙහෙවර ප්‍රකාශය පෙරදැරිකොට ගෙන ඉදිරියට ඇදී යන අම්බලන්ගොඩ නගර සභාවේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම හා ථලදායී අයුරින් ඉටුකරලීම අපගේ ප්‍රධාන පරමාර්ථය වේ.
එම කාර්යය නොපිරිහෙලා ඉටුකරලීම සඳහා ඊට යොදාගත හැකි සියලුම ප්‍රවේශයන් හා මාධ්‍යයන් භාවිතා කරමින් ඒ මඟින් පුරවැසියන්ගේ සේවා ඉටුකොට පළාත් පාලන ආයතන අතුරින් විශිෂ්ඨයකු වීම අපගේ දැක්ම වේ.
එම දැක්ම මුදුන් පමුණුවා ගැනීමට එහි එක් මාධ්‍යයක් වශයෙන් සියලු කාර්යයන් හා සේවාවන් සම්බන්ධ තොරතුරු පුරවැසියන්ට හා සියලුම ප්‍රජාවන්ට සපයමින් අම්බලන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවිය මඟින් සිදු කරනු ලබන කාර්යය ප්‍රශංසනීය වන අතර, නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් තොරතුරු සන්නිවේදනය කිරීම අම්බලන්ගොඩ නගර සභාව හා මහජනයා අතර පවත්නා අවබෝධය හා කාර්යක්ෂම සේවාව වර්ධනයට කිරීමට මහත් පිටුවහලක් වන බව විශ්වාස කරමි.


ලේකම්,

අම්බලන්ගොඩ නගර සභාව.