වරිපනම් බදු


වරපනම් බදු අය කිරීමේ ප්‍රතිපත්තිය

  • නගර සභා බල ප්‍රදේශ තුළ පවතින සෑම ඉඩමක් හා ගොඩනැගිල්ලක් සඳහාම වරිපනම් බදු ගෙවීමට නීත්‍යානුකූලව ඔබ බැදී ඇත.
  • වර්ෂ 05 කට වරක් තක්සේරු දෙපාර්තමේන්තුව මගින් සෑම දේපලකටම වාර්ෂිකව වටිනාකම තක්සේරු කරන අතර, 2021 වර්ෂය සඳහා නේවාසික දේපළ සඳහා 7% ක් හා වානිජ්‍ය දේපළ සඳහා 11% ක් ද වශයෙන් වරිපනම් බදු අය කරනු ලැබේ.
  • සෑම වර්ෂයකම ජනවාරි 31 දිනට ප්‍රථම ඔබ විසින් අදාල වර්ෂය සඳහාම වරිපනම් බදු ගෙවන්නේ නම් 10% වට්ටමක් ද එසේ නොමැතිව කාර්තුවෙන් කාර්තුවට වරිපනම් ගෙවන්නේ නම් අදාල කාර්තුවේ මුල් මාසයේ දී එම කාර්තුව සඳහා 5% වට්ටමක් ද ඔබට ලැබේ.
  • ප්‍රමාද වී කරන ගෙවීම් සඳහා සෑම කාර්තුවක් අවසානයේම එම කාර්තුවේ වටිනා කමට නේවාසික දේපළ සඳහා 15% ක් හා වානිජ්‍ය දේපළ සඳහා 20% ක් ද වශයෙන් වරෙන්තු ගාස්තු අය කරනු ලැබේ.
  • වරිපනම් බදු පැහැර හරින්නන් සඳහා නීත්‍යානුකූලව කටයුතු කොට දේපළ තහනමට ගැනීම සිදු කරනු ලැබේ.

අම්බලන්ගොඩ නගර සභා සීමාව තුළ පිහිටා ඇති ව.කි.මී. 7.12 ක ප්‍රමාණ‍ය කොට්ඨාශ 13කට බෙදා වෙන් කර ඇත. ඒ අනුව වරිපනම් බදු අය කල හැකි දේපල සංඛ්‍යාව 10620 කි. 2021 වර්ෂය සඳහා වූ ඇස්තමේන්තුව පදිංචි ස්ථාන සඳහා 7% ක් හා වාණිජ ස්ථාන සඳහා 11% ක් බැගින් ගණන බලා ඇත. ඒ අනුව අපේක්ෂිත මුදල රු. 18,100,000.00(වරෙන්තු ගාස්තු ඇතුලත් කර ඇත.)

දේපල සංඛ්‍යාව පිළිබඳ විස්තර හා ආදායම

දේපල විස්තරය සංඛ්‍යාව වාර්ෂික වටනාකම වාර්ෂික වරිපනම් බදු
1. නේවසික 7197 100,076,348.00 6,983,738.07
2. වානිජ්‍යය 571 96,285,293.00 10,579,077.71
3. නිදහස් 265 4,284,514.00 1,667
4. රජයේ ආයතන 130 3.499,331.00 244,953.38
5. අධ්‍යාපනික ආයතන 64 1,627,503.00 179,025.33
6. ආගමික ස්ථාන 18 1,000.00 147.86
7. ඉඩම් 2261 2,108,600.00 147,784.24
8. කුඹුරු 37 12,100.00 862.89
9. වෙනත් 77 74,484.00 5228.94
මුළු දේපල සංඛ්‍යාව 10620 207,969,176.00 18,140,818.42

වාර්ෂිකව වරිපනම් තක්සේරු ගත මුදලින් ගෙවූ මුදල හිඟ වරිපනම් බදු

මිළ ගණන් හා වැඩි විස්තර

පුරවැසි දනගේ සේවා ඉටු කොට විශිෂ්ඨ නගරය කරලමු මිහිපිට.

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජික හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීම.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිතුමාගේ පණිවිඩය


නවීන තාක්ෂණය සමගින් ආසියාවේ ඓශ්චර්යමත් දේශයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේදී අම්බලන්ගොඩ නගර සභාව නිළ වෙබ් අඩවියකට පිවිසීම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස මා ලද භාග්‍යයක් කොට සළකමි. තවද එය මාගේ සේවා කාලය තුළ සිදුවන අමතක නොවන සන්ධිස්ථානයක් බවද සනිටුහන් කරනුයේ ඉතාමත් සතුටිනි.

තොරතුරු තාක්ෂණයේ අග්‍ර ඵලයක් වන වෙබ් අඩවියක් හරහා අම්බලන්ගොඩ නගර සභාවේ සමස්ථ යාන්ත්‍රණය විද්‍යුත් පිටු අතරින් නගර වැසි ඔබගේ දෙනෙතට රැගෙන එන මෙම අවස්ථාව නගර සභාවට ඉතා වැදගත් අවස්ථාවකි. මහජන සේවා සපයන ආයතනයක් ලෙස අම්බලන්ගොඩ නගර සභාවේ සේවාවන් තවත් පුළුල්ව ජනතාවට සමීප කරලීම මෙහි පරමාර්ථයයි. සාම්ප්‍රදායික පුස්තකාල සංකල්පයෙන් බැහැරව අභිනවයෙන් ඉදිකරන ලද විද්‍යුත් පුස්තකාල පියසක් තුළ විවෘතවන අම්බලන්ගොඩ නගර සභා වෙබ් අඩවිය එම පරමාර්ථ සඵල කිරීමට සුදුසු පරිසරය උදා කරනු ඇත.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කරමින් පරිගණක තිරය මතට රැගෙන ඒමට නිරන්තර සහයෝගය ලබා දුන් නගර සභාවේ උප සභාපතිතුමා අතුළු නගර සභා මන්ත්‍රී මණ්ඩලයට හා නගර සභාවේ ලේකම්තුමා, තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අංශ‍යේ නිලධාරිණී එස්. රේණුකා නිලාන්ති සිල්වා මහත්මිය හා කාර්ය මණ්ඩලයටත් මාගේ ප්‍රනාමය පුද කරමි.


සභාපති,

අම්බලන්ගොඩ නගර සභාව.

ලේකම්තුමියගේ පණිවිඩය

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීමේ මෙහෙවර ප්‍රකාශය පෙරදැරිකොට ගෙන ඉදිරියට ඇදී යන අම්බලන්ගොඩ නගර සභාවේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම හා ථලදායී අයුරින් ඉටුකරලීම අපගේ ප්‍රධාන පරමාර්ථය වේ.
එම කාර්යය නොපිරිහෙලා ඉටුකරලීම සඳහා ඊට යොදාගත හැකි සියලුම ප්‍රවේශයන් හා මාධ්‍යයන් භාවිතා කරමින් ඒ මඟින් පුරවැසියන්ගේ සේවා ඉටුකොට පළාත් පාලන ආයතන අතුරින් විශිෂ්ඨයකු වීම අපගේ දැක්ම වේ.
එම දැක්ම මුදුන් පමුණුවා ගැනීමට එහි එක් මාධ්‍යයක් වශයෙන් සියලු කාර්යයන් හා සේවාවන් සම්බන්ධ තොරතුරු පුරවැසියන්ට හා සියලුම ප්‍රජාවන්ට සපයමින් අම්බලන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවිය මඟින් සිදු කරනු ලබන කාර්යය ප්‍රශංසනීය වන අතර, නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් තොරතුරු සන්නිවේදනය කිරීම අම්බලන්ගොඩ නගර සභාව හා මහජනයා අතර පවත්නා අවබෝධය හා කාර්යක්ෂම සේවාව වර්ධනයට කිරීමට මහත් පිටුවහලක් වන බව විශ්වාස කරමි.


ලේකම්,

අම්බලන්ගොඩ නගර සභාව.