අම්බලන්ගොඩ නගර සභාවේ ඉතිහාසය


1932 අප්‍රේල් මස 15 දින ලංකාන්ඩුවේ ගැසට් පත්‍ර අංක 7918 මගින් නාගරික දිස්ත්‍රික් සභාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. 1932 මැයි මස 10 වන දින ගැසට් පත්‍රය මගින් කොට්ඨාශ වලට වෙන් කිරීම සිදු කරන ලදි. ප්‍රථම නාගරික සභා රැස්වීම නාගරික දිස්ත්‍රික් සභා කාර්යාලයේදී 1933 ජනවාරි මස 05 වන දින සවස 2.00 ට ඇර්ඹුන අතර පළමු සභාපති ධුරය හොබවන ලද්දේ ටී.සී.පී. ප්‍රනාන්දු මහතාය.

නගර සභා ලාංඡනය

අම්බලන්ගොඩ නගර සභාවේ සංකේතය වූ එහි ලාංඡනයේ නිරූපණය වනුයේ මකර රූපයකි. "මකර තොර්ණ රීපාවලී ග්‍රනථයේ" සඳහන් වන පරිදි මකරාට ඇත් සොඩක් ඇත. සිංහපාද, ඌරුකන්ය, වඳුරු ඇස්ය, මත්ස්‍ය ශරීරයද වේ. අලංකාර වාලධියක් ද වේ. ක්‍රි.ව. 6 වන සියවස පමණ වන විට වලිගය වෙනුවට යොදා ඇත්තේ අලංකරණයකි. ලාංඡනයේ මකරා යොදා ගැනීමට හේතුව එය කරාව කුලයේ කොඩියේ පැවති ලාංඡනය වීම නිසායයි පැවසේ. මෙම ලාංඡනය කලාශූරී දිවන්ගත ජුවන්වඩු ආරියපාල ද සිල්වා විජේසූරිය මහතාගේ (ආරියපාල ගුරුන්නාන්සේ) අදහසකි. එය නගර සභාව සඳහා චිත්‍රණය කොට නිර්මාණය කරන ලද්දේ නගර සභාවේ කාර්යාල සේවක මහතකු වූ කේ. වික්ටර් සිල්වා (වික්ටර ආට්ස්) මහතා විසිනි.

1933 සිට මේ දක්වා සභාපතිධූරය හෙබවූ සභාපති වරුන්ගේ නාම ලේඛනය


වර්ෂය සභාපති ධූරය හෙබවූ අයගේ නම
1933 සිට 1935 දක්වා ටී.සී.පී. ප්‍රනාන්දු මහතා
1936 සිට 1938 දක්වා ටී.සී.පී. ප්‍රනාන්දු මහතා
1939 සිට 1941-05-16 දක්වා ටී.සී.පී. ප්‍රනාන්දු මහතා
1941-05-17 සිට 1941-12-31 දක්වා නිව්ටන් එච්. ද සිල්වා මහතා
1942 සිට 1944 දක්වා ආර්.එස්.වික්‍රමසූරිය මහතා
1945 සිට 1947 දක්වා ඕ.එන්. පියසේන මහතා.
1948සිට1949-04-07 දක්වා වෛද්‍ය කේ.ටී.එස්.ද සිල්වා මහතා
1949-05-17 සිට 1950 දක්වා ඕ.එන්. පියසේන මහතා
1951 සිට 1952 දක්වා ඒ.සිරිල් සිරිමල් මහතා
1952-03-01 සිට 1953-12-31 දක්වා විශේෂ කොමසාරිස් පාලනය
1954 සිට 1956 දක්වා ඇස්.ජී. ද සිල්වා මහතා
1957 සිට 1959 දක්වා ඇස්.රණසූරිය මහතා
1960 සිට 1962 දක්වා ජී.ඩබ්.විල්ෆඩ් ද සිල්වා මහතා.
1963 සිට 1965 දක්වා ඇස්.ජී.ඒ ද සිල්වා මහතා
1966 සිට 1969 දක්වා ඇස්.ජී.ඒ ද සිල්වා මහතා
1970 සිට 1971-11-16 දක්වා ඇස්.වී.සීලවතී ද සිල්වා මහත්මිය
1971-11-26 සිට 1979-05-31 දක්වා විශේෂ කොමසාරිස් පාලනය
1979 සිට 1983 දක්වා ඩබ්. ඕ.ආනන්ද මහතා
1983 සිට 1984-04-27 දක්වා ඇස්.ජී.එම් ද සිල්වා මහතා
1984-04-28 සිට 1991-06-30 දක්වා ජී.එම්.ඇස්. ද සිල්වා මහතා
1991 සිට 1997-01-27 දක්වා ජී.එම්.ඇස්. ද සිල්වා මහතා
11997-04-15 සිට 2002-04-14 දක්වා ඇම්.ඩබ්.අරුණ ප්‍රදීප් මහතා
2002-04-15 සිට 2006-04-15 දක්වා ජී.එම්.ඇස්. ද සිල්වා මහතා
2006-04-16 සිට 2011-01-05 දක්වා ඇම්.ඩබ්.අරුණ ප්‍රදීප් මහතා
2011-01-06 සිට 2011-03-31 දක්වා බලයලත් නිලධාරී
2011-04-01 සිට 2015-05-15 දක්වා ඇම්.ඩබ්.අරුණ ප්‍රදීප් මහතා
2015-05-16 සිට 2016-06-06 දක්වා ලේකම් - භාරත සමරසේකර මහතා
2016-06-07 සිට මේ දක්වා ලේකම් - වාසනා ප්‍රියදර්ශනී මහත්මිය
2016-06-07 සිට මේ දක්වා ලේකම් - ඉදුමිණී ඩී ලියනගේ මෙනවිය
2016-06-07 සිට මේ දක්වා ලේකම් - එරන්දි උමංගා මැන්දිස් මෙනවිය
2018-04-23 සිට මේ දක්වා ඇම්.ඩබ්.අරුණ ප්‍රදීප් මහතා

1985 දී වතුගෙදර සුළු නගර සභාවට අයත්ව තිබූ කෙරමිණිය, පින්නදූව හා තල්ගස්ගොඩ යන ප්‍රදේශ අම්බලන්ගොඩ නගර සභාවට පවරා ගන්නා ලදි. ඒ අනුව වර්ථමානයේ නගර සභා බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 7.12 වේ. එම භුමි ප්‍රමාණය කොටස් 13කට බෙදා පාලන කටයුතු ගෙන යන අතර නගර සභා බල ප්‍රදේශයේ ජනගහනය 26,938කි.


පුරවැසි දනගේ සේවා ඉටු කොට විශිෂ්ඨ නගරය කරලමු මිහිපිට.

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජික හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීම.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිතුමාගේ පණිවිඩය


නවීන තාක්ෂණය සමගින් ආසියාවේ ඓශ්චර්යමත් දේශයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේදී අම්බලන්ගොඩ නගර සභාව නිළ වෙබ් අඩවියකට පිවිසීම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස මා ලද භාග්‍යයක් කොට සළකමි. තවද එය මාගේ සේවා කාලය තුළ සිදුවන අමතක නොවන සන්ධිස්ථානයක් බවද සනිටුහන් කරනුයේ ඉතාමත් සතුටිනි.

තොරතුරු තාක්ෂණයේ අග්‍ර ඵලයක් වන වෙබ් අඩවියක් හරහා අම්බලන්ගොඩ නගර සභාවේ සමස්ථ යාන්ත්‍රණය විද්‍යුත් පිටු අතරින් නගර වැසි ඔබගේ දෙනෙතට රැගෙන එන මෙම අවස්ථාව නගර සභාවට ඉතා වැදගත් අවස්ථාවකි. මහජන සේවා සපයන ආයතනයක් ලෙස අම්බලන්ගොඩ නගර සභාවේ සේවාවන් තවත් පුළුල්ව ජනතාවට සමීප කරලීම මෙහි පරමාර්ථයයි. සාම්ප්‍රදායික පුස්තකාල සංකල්පයෙන් බැහැරව අභිනවයෙන් ඉදිකරන ලද විද්‍යුත් පුස්තකාල පියසක් තුළ විවෘතවන අම්බලන්ගොඩ නගර සභා වෙබ් අඩවිය එම පරමාර්ථ සඵල කිරීමට සුදුසු පරිසරය උදා කරනු ඇත.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කරමින් පරිගණක තිරය මතට රැගෙන ඒමට නිරන්තර සහයෝගය ලබා දුන් නගර සභාවේ උප සභාපතිතුමා අතුළු නගර සභා මන්ත්‍රී මණ්ඩලයට හා නගර සභාවේ ලේකම්තුමා, තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අංශ‍යේ නිලධාරිණී එස්. රේණුකා නිලාන්ති සිල්වා මහත්මිය හා කාර්ය මණ්ඩලයටත් මාගේ ප්‍රනාමය පුද කරමි.


සභාපති,

අම්බලන්ගොඩ නගර සභාව.

ලේකම්තුමියගේ පණිවිඩය

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීමේ මෙහෙවර ප්‍රකාශය පෙරදැරිකොට ගෙන ඉදිරියට ඇදී යන අම්බලන්ගොඩ නගර සභාවේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම හා ථලදායී අයුරින් ඉටුකරලීම අපගේ ප්‍රධාන පරමාර්ථය වේ.
එම කාර්යය නොපිරිහෙලා ඉටුකරලීම සඳහා ඊට යොදාගත හැකි සියලුම ප්‍රවේශයන් හා මාධ්‍යයන් භාවිතා කරමින් ඒ මඟින් පුරවැසියන්ගේ සේවා ඉටුකොට පළාත් පාලන ආයතන අතුරින් විශිෂ්ඨයකු වීම අපගේ දැක්ම වේ.
එම දැක්ම මුදුන් පමුණුවා ගැනීමට එහි එක් මාධ්‍යයක් වශයෙන් සියලු කාර්යයන් හා සේවාවන් සම්බන්ධ තොරතුරු පුරවැසියන්ට හා සියලුම ප්‍රජාවන්ට සපයමින් අම්බලන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවිය මඟින් සිදු කරනු ලබන කාර්යය ප්‍රශංසනීය වන අතර, නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් තොරතුරු සන්නිවේදනය කිරීම අම්බලන්ගොඩ නගර සභාව හා මහජනයා අතර පවත්නා අවබෝධය හා කාර්යක්ෂම සේවාව වර්ධනයට කිරීමට මහත් පිටුවහලක් වන බව විශ්වාස කරමි.


ලේකම්,

අම්බලන්ගොඩ නගර සභාව.