ව්‍යාපාර බදු


නගර සභා ආඥ පනතේ 165 (අ ) වගන්තිය 165 ආ (2 ) වගන්තිය යටතේ අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල පවත්වාගෙන යනු ලබන යම් කර්මාන්තයක් වෙනුවෙන් එම කර්මාන්ත පවත්වාගෙන යනු ලබන ස්ථානයේ වාර්ෂික වටිනාකම මත 2009 වර්ෂය සඳහා පහත දක්වා ඇති පරිදි බදු මුදලක් ගෙවිය යුතු බව මෙයින් නියම කරනු ලැබේ.

බදු මුදල් අය වන ව්‍යාපර

  • කොමිස් ඒජන්තවරු
  • ආපන ශාලාවක් (රෙස්ටුරන්ට්)/සංචාරකයින් සඳහා නවාතැන් පොලක් හෝ ලැගුම් හලක් පවත්වාගෙන යන්නන්.
  • කොන්ත්‍රාත් කරුවන්
  • මුදල් අයකරන අධ්‍යාපන ආයතන.(ටියුටරි, පෙර පාසැල්)
  • මුදල් ණයට දීම හෝ උකස් බඩු ගන්නකුගේ ව්‍යාපරය
  • රක්ෂණ නියෝජිතයින්
  • රියදුරු පුහුණු පාසැල්
  • බැංකු හෝ රක්ෂණ සමාගමක් පවත්වාගෙන යාම
  • නොතාරිස් කාර්යාලයක් නීතිඥ කාර්යාලයක් පවත්වාගෙන යාම
  • වෙන්දේසිකරුවන්/බ්‍රෝකර්වරුන්/තක්සේරුකරුවන්
  • ඉංජිනේරුකරුවන්/ගෘහ නිර්මාණ ශිල්පීන්/මිනින්දෝරුකරුවන්
  • පෞද්ගලික ප්‍රවාහන සේවයක් පවත්වා ගෙන යාම
  • සිගරැට් තොග වෙළඳාම
  • රාත්‍රී කාලයේදී විවෘතව තබන රේස් ඔට්ටු පොළක් පවත්වාගෙන යාම
  • ප්‍රචාරක දැන්වීම් පළකිරීමේ ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යාම
  • පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් පවත්වාගෙනයාම
  • කාය වර්ධන අභ්‍යාස මාලාවක් පවත්වාගෙන යාම
  • පරිගණක පාඨමාලා සඳහා ආයතනයක් පවත්වාගෙන යාම

ව්‍යාපාර බදු සඳහා අදාල විස්තර


ඉඩම් විකිණීම විෂයෙහි බදු අය කිරීම

නගර සභා ආඥ පනතේ 225 වැනි අධිකාරය 162 වැනි වගන්තිය හා 1979 අංක 42 දර්ණ නගර සභා මහ නගර සභා සංශෝධිත පණතේ 14 ජේදය අනුව සහ ප්‍රධාන ප්‍රඥප්තියේ 164 වැනි වගන්තිය යටතේ පැනවෙන බලපත්‍ර ගාස්තු මෙයට ඇතුලත් වේ.

සභාවේ පාලන සීමාව තුල පිහිටි ඉඩමක් වෙන්දේසි කරුවකු විසින් හෝ බ්‍රෝකර් කෙනෙකු විසින් හෝ ඔහුගේ සේවකයෙකු නැතහොත් නියෝජිතයෙකු විසින් හෝ ප්‍රසිද්ධ වෙන්දේසියේ හෝ වෙනත් ආකාරයකින් විකිණනු ලැබුවහොත් එම විකිණීමෙන් ලැබෙන මුදලින් 1%කට සමාන බද්ධක් මෙම බද්ධ ගෙවීමට අදාල ඉඩම් විකුණනු ලැබූ වර්ෂය අවසානයට පෙර ගෙවිය යුතුය.

රථ වාහන හා සත්ත්ව බද්ද සඳහා අදාල විස්තර


විනෝද බදු සඳහා අදාල විස්තර


පුරවැසි දනගේ සේවා ඉටු කොට විශිෂ්ඨ නගරය කරලමු මිහිපිට.

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජික හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීම.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිතුමාගේ පණිවිඩය


නවීන තාක්ෂණය සමගින් ආසියාවේ ඓශ්චර්යමත් දේශයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේදී අම්බලන්ගොඩ නගර සභාව නිළ වෙබ් අඩවියකට පිවිසීම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස මා ලද භාග්‍යයක් කොට සළකමි. තවද එය මාගේ සේවා කාලය තුළ සිදුවන අමතක නොවන සන්ධිස්ථානයක් බවද සනිටුහන් කරනුයේ ඉතාමත් සතුටිනි.

තොරතුරු තාක්ෂණයේ අග්‍ර ඵලයක් වන වෙබ් අඩවියක් හරහා අම්බලන්ගොඩ නගර සභාවේ සමස්ථ යාන්ත්‍රණය විද්‍යුත් පිටු අතරින් නගර වැසි ඔබගේ දෙනෙතට රැගෙන එන මෙම අවස්ථාව නගර සභාවට ඉතා වැදගත් අවස්ථාවකි. මහජන සේවා සපයන ආයතනයක් ලෙස අම්බලන්ගොඩ නගර සභාවේ සේවාවන් තවත් පුළුල්ව ජනතාවට සමීප කරලීම මෙහි පරමාර්ථයයි. සාම්ප්‍රදායික පුස්තකාල සංකල්පයෙන් බැහැරව අභිනවයෙන් ඉදිකරන ලද විද්‍යුත් පුස්තකාල පියසක් තුළ විවෘතවන අම්බලන්ගොඩ නගර සභා වෙබ් අඩවිය එම පරමාර්ථ සඵල කිරීමට සුදුසු පරිසරය උදා කරනු ඇත.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කරමින් පරිගණක තිරය මතට රැගෙන ඒමට නිරන්තර සහයෝගය ලබා දුන් නගර සභාවේ උප සභාපතිතුමා අතුළු නගර සභා මන්ත්‍රී මණ්ඩලයට හා නගර සභාවේ ලේකම්තුමා, තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අංශ‍යේ නිලධාරිණී එස්. රේණුකා නිලාන්ති සිල්වා මහත්මිය හා කාර්ය මණ්ඩලයටත් මාගේ ප්‍රනාමය පුද කරමි.


සභාපති,

අම්බලන්ගොඩ නගර සභාව.

ලේකම්තුමියගේ පණිවිඩය

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීමේ මෙහෙවර ප්‍රකාශය පෙරදැරිකොට ගෙන ඉදිරියට ඇදී යන අම්බලන්ගොඩ නගර සභාවේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම හා ථලදායී අයුරින් ඉටුකරලීම අපගේ ප්‍රධාන පරමාර්ථය වේ.
එම කාර්යය නොපිරිහෙලා ඉටුකරලීම සඳහා ඊට යොදාගත හැකි සියලුම ප්‍රවේශයන් හා මාධ්‍යයන් භාවිතා කරමින් ඒ මඟින් පුරවැසියන්ගේ සේවා ඉටුකොට පළාත් පාලන ආයතන අතුරින් විශිෂ්ඨයකු වීම අපගේ දැක්ම වේ.
එම දැක්ම මුදුන් පමුණුවා ගැනීමට එහි එක් මාධ්‍යයක් වශයෙන් සියලු කාර්යයන් හා සේවාවන් සම්බන්ධ තොරතුරු පුරවැසියන්ට හා සියලුම ප්‍රජාවන්ට සපයමින් අම්බලන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවිය මඟින් සිදු කරනු ලබන කාර්යය ප්‍රශංසනීය වන අතර, නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් තොරතුරු සන්නිවේදනය කිරීම අම්බලන්ගොඩ නගර සභාව හා මහජනයා අතර පවත්නා අවබෝධය හා කාර්යක්ෂම සේවාව වර්ධනයට කිරීමට මහත් පිටුවහලක් වන බව විශ්වාස කරමි.


ලේකම්,

අම්බලන්ගොඩ නගර සභාව.