ප්‍රජා සේවා හා සමාජ සුභ සාධනය


අම්බලන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය

හැදින්වීම

1939 දෙසැම්බර් මස 16 වන දිනපැවති නාගරික දිස්ත්‍රික් මාසික රැස්වීමේදී නිදහස් පුස්තකාලයක් සහ කියවීම් ශාලාවක් ආරම්භ කළ යුත යැයි ද ඒ සඳහා රුපියල් දහසක් නො ඉක්මවන මුදලක් වැය කළ යුතුය යනුවෙන් නගර සභික පී.එච්. චාර්ලිස් ද සිල්වා මහතා විසින් සිදු කරන ලද යෝජනාව එවකට සභාපති වූ නීතිඥ ටී.සී.පී. ප්‍රනාන්දු මහතා විසින් ස්ථීර් කරන ලදි. 1940 ජනවාරි 13 වන දින අම්බලන්ගොඩ නගර සභාවක් වී පැවති පළමු මාසික රැස්වීමේදී නිදහස් කියවීමේ ශාලාව සහ ආශ්‍රිත පුස්තකාලය ආරම්භ කිරීම සඳහා ක්‍රියා කිරීමට කමිටුවක් පත් කරන ලදි. එහි සභාපති ටී.සී.පී. ප්‍රනාන්දු මහතා, එන්. එච්. ද සිල්වා මහතා, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී තුමා පී.එච්. චාර්ලිස් ද සිල්වා මහතා, ඩී. ටී. විජේරත්න මහතා, රිචඩ් ද වාස් ගුණවර්ධන මහතා, කේ.එස. සුමනසූරිය මහතා, අයත් වූහ. ඔවුන්ගේ නිර්දේශ අනුව පුස්තකාලය 1940 පෙබරවාරි 01 දින පටබැඳිමුල්ල ප්‍රදේශයේ ආරම්භ කෙරුණි. පළමු පුස්තකාලයාධිපති වශයෙන් එල්.යූ. පීරිස් මහතා පත් වූ අතර ඔහුට රුපියල් 300.00ක මාසික දීමනාවක් ද ඊට අමත අමතරව 15% ක කොමිසමක් ද ගෙවීමට තීරණය වුණි.


මෙම පුස්තකාලය 1961 දී එතෙක් පැවති ස්ථානයෙන් ඉවත් කෙරුණි. අනතුරුව එය අම්බලන්ගොඩ විදුලිබලාගාරය පැවති ගොඩනැගිල්ලට ගෙන යන ලදි. 1978 වන තුරු පුස්තකාලය පැවතියේ එම ගොඩනැගිල්ල තුළය. අම්බලන්ගොඩ කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති වර්ථමාන පුස්තකාල ගොඩනැගිල්ලේ මුල්ගල 1976 දී එවකට පළාත් පාලන කොමසාරිස්ව සිටි ඩබ්. ඊ. වී. ඇස්.ද අල්විස් මහතා විසින් තබන ලද අතර 1978 පෙබරවාරි මස 20 වන දින ගරු. අග්‍රාමාත්‍ය (පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් කටයුතු පිළිබඳ අමාත්‍යය ) ආර්. ප්‍රේමදාස මැතිදුන් විසින් විවෘත කරන ලදි. ඉතා විශාල පරාසයකින් යුත් ග්‍රන්ථ සඟරා සහ දිනපතා පුවත්පත් පරිශීලන‍යට පහසුකම් සලසා දෙමින් ප්‍රදේශයේ ජනතාවගේ දැනුම සංවර්ධනය තුළින් තිරසර සංවර්ධනයට කැප වී සිටින අප පුස්තකාලය වර්තමානය වන විට මහ අම්බලන්ගොඩ, පෝරඹ, පොල්වත්ත, ඕකන්ද, කෙරමිණිය, හිරේවත්ත සහ හෙප්පුමුල්ල යන ශාඛා පුස්තකාල හතකින් සමන්විත වේ.


වැඩි විස්තර

පුරවැසි දනගේ සේවා ඉටු කොට විශිෂ්ඨ නගරය කරලමු මිහිපිට.

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජික හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීම.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිතුමාගේ පණිවිඩය


නවීන තාක්ෂණය සමගින් ආසියාවේ ඓශ්චර්යමත් දේශයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේදී අම්බලන්ගොඩ නගර සභාව නිළ වෙබ් අඩවියකට පිවිසීම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස මා ලද භාග්‍යයක් කොට සළකමි. තවද එය මාගේ සේවා කාලය තුළ සිදුවන අමතක නොවන සන්ධිස්ථානයක් බවද සනිටුහන් කරනුයේ ඉතාමත් සතුටිනි.

තොරතුරු තාක්ෂණයේ අග්‍ර ඵලයක් වන වෙබ් අඩවියක් හරහා අම්බලන්ගොඩ නගර සභාවේ සමස්ථ යාන්ත්‍රණය විද්‍යුත් පිටු අතරින් නගර වැසි ඔබගේ දෙනෙතට රැගෙන එන මෙම අවස්ථාව නගර සභාවට ඉතා වැදගත් අවස්ථාවකි. මහජන සේවා සපයන ආයතනයක් ලෙස අම්බලන්ගොඩ නගර සභාවේ සේවාවන් තවත් පුළුල්ව ජනතාවට සමීප කරලීම මෙහි පරමාර්ථයයි. සාම්ප්‍රදායික පුස්තකාල සංකල්පයෙන් බැහැරව අභිනවයෙන් ඉදිකරන ලද විද්‍යුත් පුස්තකාල පියසක් තුළ විවෘතවන අම්බලන්ගොඩ නගර සභා වෙබ් අඩවිය එම පරමාර්ථ සඵල කිරීමට සුදුසු පරිසරය උදා කරනු ඇත.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කරමින් පරිගණක තිරය මතට රැගෙන ඒමට නිරන්තර සහයෝගය ලබා දුන් නගර සභාවේ උප සභාපතිතුමා අතුළු නගර සභා මන්ත්‍රී මණ්ඩලයට හා නගර සභාවේ ලේකම්තුමා, තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අංශ‍යේ නිලධාරිණී එස්. රේණුකා නිලාන්ති සිල්වා මහත්මිය හා කාර්ය මණ්ඩලයටත් මාගේ ප්‍රනාමය පුද කරමි.


සභාපති,

අම්බලන්ගොඩ නගර සභාව.

ලේකම්තුමියගේ පණිවිඩය

අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීමේ මෙහෙවර ප්‍රකාශය පෙරදැරිකොට ගෙන ඉදිරියට ඇදී යන අම්බලන්ගොඩ නගර සභාවේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම හා ථලදායී අයුරින් ඉටුකරලීම අපගේ ප්‍රධාන පරමාර්ථය වේ.
එම කාර්යය නොපිරිහෙලා ඉටුකරලීම සඳහා ඊට යොදාගත හැකි සියලුම ප්‍රවේශයන් හා මාධ්‍යයන් භාවිතා කරමින් ඒ මඟින් පුරවැසියන්ගේ සේවා ඉටුකොට පළාත් පාලන ආයතන අතුරින් විශිෂ්ඨයකු වීම අපගේ දැක්ම වේ.
එම දැක්ම මුදුන් පමුණුවා ගැනීමට එහි එක් මාධ්‍යයක් වශයෙන් සියලු කාර්යයන් හා සේවාවන් සම්බන්ධ තොරතුරු පුරවැසියන්ට හා සියලුම ප්‍රජාවන්ට සපයමින් අම්බලන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවිය මඟින් සිදු කරනු ලබන කාර්යය ප්‍රශංසනීය වන අතර, නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් තොරතුරු සන්නිවේදනය කිරීම අම්බලන්ගොඩ නගර සභාව හා මහජනයා අතර පවත්නා අවබෝධය හා කාර්යක්ෂම සේවාව වර්ධනයට කිරීමට මහත් පිටුවහලක් වන බව විශ්වාස කරමි.


ලේකම්,

අම්බලන්ගොඩ නගර සභාව.