ලේකම්තුමියගේ පණිවිඩය
අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන සමස්ථ ප්‍රජාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සපයා ඔවුන්ගේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සේවා ඉටු කොට ජීවන තත්වය නංවා සමාජ ප්‍රගතිය ඇති කිරීමේ මෙහෙවර ප්‍රකාශය පෙරදැරිකොට ගෙන ඉදිරියට ඇදී යන අම්බලන්ගොඩ නගර සභාවේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම හා ථලදායී අයුරින් ඉටුකරලීම අපගේ ප්‍රධාන පරමාර්ථය වේ.
එම කාර්යය නොපිරිහෙලා ඉටුකරලීම සඳහා ඊට යොදාගත හැකි සියලුම ප්‍රවේශයන් හා මාධ්‍යයන් භාවිතා කරමින් ඒ මඟින් පුරවැසියන්ගේ සේවා ඉටුකොට පළාත් පාලන ආයතන අතුරින් විශිෂ්ඨයකු වීම අපගේ දැක්ම වේ.
එම දැක්ම මුදුන් පමුණුවා ගැනීමට එහි එක් මාධ්‍යයක් වශයෙන් සියලු කාර්යයන් හා සේවාවන් සම්බන්ධ තොරතුරු පුරවැසියන්ට හා සියලුම ප්‍රජාවන්ට සපයමින් අම්බලන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවිය මඟින් සිදු කරනු ලබන කාර්යය ප්‍රශංසනීය වන අතර, නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් තොරතුරු සන්නිවේදනය කිරීම අම්බලන්ගොඩ නගර සභාව හා මහජනයා අතර පවත්නා අවබෝධය හා කාර්යක්ෂම සේවාව වර්ධනයට කිරීමට මහත් පිටුවහලක් වන බව විශ්වාස කරමි.
ලේකම්,
අම්බලන්ගොඩ නගර සභාව.